රීසෙට් බටන් එකක් තිබ්බනම් කියල හිතිච්ච අවස්ථා 15 ක්

අපිට ඕන විදිහට කිසිම වැඩක් සිදුවෙන්නෙ නැති එපා වෙන දවස් අපිටත් තියනවා. මේ වගේ වෙලාවට දුක් වෙන්නෙවත් තරහ ගන්නෙවත් නැතුව, ඒ අවස්ථාවලිනුත් විනෝදයක් ලබන්න පුලුවන් නම් ඒක කොච්චර හොඳද?

ඒකට කරන්න තියෙන්නෙ ඔයාට මුහුණ දෙන්න සිදුවෙන කරදරකාරී අවස්ථාවල ෆොටෝ එකක් අරගෙන අන්තර්ජාලයේ පළ කරන එක විතරයි. අද අපි ඔයාට අරගෙන ආවෙ ඒකට හොඳම උදාහරණ 15 ක්.

01. මගේ මුද්දෙ අල්ලලා තිබුණු දියමන්තිය අද වැටුණා.අපි ඒක ගත්තෙ වසර දහයක වගකීමක් ඇතුවයි. හරියටම අපේ විවාහ සංවත්සරය යෙදිලා තිබුණෙ ඊයෙ දවසටයි.
© Blueskittle101 / reddit
02. මම මගෙ කොණ්ඩෙ ඩයි කරලා ඉවර වෙනකන්ම දැක්කෙ නෑ අතට දාගෙන හිටපු ග්ලවුස් එකේ ඇඟිල්ලක් කැඩිලා කියලා.
© fibbybritc**s / reddit
03. යාලුවා ලියලා තිබ්බෙ, “පේන විදිහට මම බේකිං බෑග් එකක් වෙනුවට බ්‍රයිනින් බෑග් එකක් අරගෙන” කියලයි.
© jesseburns / reddit
04. ඔයා ඔයාගෙ මේසය මත ඇසිටෝන් හැලුවොත් ඒක පිරිසිදු කරන්නත් වගබලාගන්න.
© DivineBanana / reddit
05. මගේ දරුවයි මමයි පාක් එකට ගියාම තමයි දැක්කෙ පාක් එකේ සෙල්ලම් කරන තැන සම්පූර්ණයෙන්ම අයින් කරලා කියලා.
© maaalicelaaamb / reddit
06. අලුත්ම වීදුරුව සවි කරපු දවසෙම කැඩෙන්න ඕන කියලා කැබිනට් එක තීරණය කලාම.
© thorisadog / reddit
07. අද උදේ මගේ මාමාගේ කාර් එක
© FatDabsIsGod / reddit
08. මම මගේ කොට්ට වොෂින් මැෂින් එකට දාලා සෝදන්න ගියාම
© SteveLikesToBake / reddit
09. මට බර්ගර් එකක් ඕන නෑ කියලා කියන විශ්වීය ක්‍රමය
© jeffiidahmer / reddit
10. “මගේ යාලුවා හොඳ ටැටූ අඳිනවා. ඒත් එයා සල්ලි වෙනුවට ගන්නෙ උපදෙස් විතරයි.” මගේ පෙම්වතිය කිව්වා.
© potatos***n / reddit
11. සති කීපයකට කලින් රෙදි සෝදන යන්ත්‍රය කැරකෙන එක නැවතුණා. ඒ නිසා රෙදි ඔක්කොම පෙඟිලා එළියට එනවා. අද මේකයි වුණේ.
© ShadowMoses05 / reddit
12. මගේ කෑම පුරුදු නිසා තරාදියටත් දැන් මහන්සියි.
© Darth_Snoman / reddit
13. පාර හදලා ඉවර වුණා විතරයි. Fed-ex එකෙන් පාර්සලයක් අරන් ආවා.
© 4GirlsWorld / reddit
14. බිමට සුබ නත්තලක්!
© mamilita / reddit
15. Inversion method භාවිතයෙන් ඉක්මන් වීඩියෝ එකක් බැලීමෙන් පසු පළමුවරට AeroPress එකක් පාවිච්චි කරන්න උත්සාහ කලා. කෝපි මගින් ඒක මග් එකක් බවට පත් කලා.
© CorySellsDaHouse / reddit

Leave a Reply

Your email address will not be published.