ප්‍රයෝජනය සැගවී ඇති එදිනෙදා දේවල් 15 ක්

අපි දිනපතා පාවිච්චි කරන දේවල් සාමාන්‍යයෙන් අපේ ජීවිතයේ කොටසක් බවටම පත් වෙනවා. ඉතින් ඒවගෙ තියන සරලම ලක්ෂණ අපි දකින්නෙ කලාතුරකින්. කොජොම වුණත්, ඔයාගෙ ප්‍රියතම දේවල් ඔයා හිතුවට වඩා ගොඩක් දේවල් කරන්න පුලුවන් විදියට හදලා තියන බව ඔයා හිතුවෙ නෑ නේද? එහෙනම් හොඳින් බලන්නකෝ, ඔයා මේවා දැනගෙන හිටියද කියලා. උදාහරණයක් විදියට විදුලි පඩිපෙළ දෙපැත්තෙ කුඩා බ්‍රෂ් සවි කරලා තියෙන්නෙ ඔයාගෙ සපත්තු පොලිෂ් කරන්න නෙවෙයි. ඒවා ඇත්තටම හදලා තියෙන්නෙ පඩිපෙළ භාවිතා කරන අයගෙ ආරක්ෂාවටයි. ​​

අද අපි ඔයාට කියන්නෙ ඔයා මෙතෙක් දැනගෙන හිටියෙ නැති, ඔයා නිතරම පාවිච්චි කරන දේවල් 15 ක තියන වැදගත් ප්‍රයෝජන ගැනයි.

01. ඩෙනිම් හෝ ජීන්ස් වල තියන කුඩා බොත්තම
© Marcos André / wikipedia.org

මේ කුඩා බොත්තම් වල කියන්නෙ රිවට් කියලා. ඒවා ඔයාගෙ ජීන්ස් මත අල්ලලා තියෙන්නේ ඇදීම් මගින් ඉරෙන්න වැඩි ඉඩක් තියන තැන්වලයි.

02. හයින්ස් කෙචප් බෝතලය මැද කොටා ඇති අංකය “57”

අපිට නම් මේකෙ කිසිම තේරුමක් නෑ කියලා තමයි හිතෙන්නෙ. ඒත් පිඟානට සෝස් දාගන්න තට්ටු කිරීමට හොඳම තැන තමයි මේ. ඊළඟ වතාවේ සෝස් බෝතලයේ පතුලට තට්ටු කරන්නෙ නැතුව “57” ස්ටිකරය මටත තට්ටු කිරීමෙන් ලේසියෙන්ම පිඟානට සෝස් දාගන්න පුලුවන්.

03. කෝප්පවල පතුලේ කපා ඇති කට්ට
© unknown / reddit

කෝප්පයේ පතුලේ කුඩා කට්ටක් නිර්මාණය කරලා තියෙන්නෙ කෝප්පය සේදීම වඩාත් පහසු කිරීමටයි. කෝප්පය යටිකුරු කරලා ටැප් එකට ඇල්ලුවාම වතුර ගලාගෙන යන්න පහසු වෙන්න තමයි මේ කුඩා කට්ට තියෙන්නෙ.

මේ කට්ට මගින් කෝප්පයේ පතුලට සිසිල් වාතය ගලා යාමට ඉඩ දෙන අතර උණුසුම් බීම නිසා කෝප්පය රත් වුණාම කෝප්පය ඉරිතලා යාම වළක්වනවා.

04. භාජන අල්ලන කොටසේ සිදුරක් හදලා තියෙන්නෙ භාජන එල්ලා තැබීමට පමණක් නොවේ.
© unknown / tumblr

ඔයාලා ගොඩක් දෙනෙක් භාජනවල අල්ලන කොටසේ තියන සිදුර පාවිච්චි කරන්නෙ භාජනය එල්ලලා තියන්න නේ. ඒ විතරක් නෙවෙයි, හැන්ද හොද්දට වැටෙන්නෙ නැතිවෙන්න රඳවලා තියන්නත් මේ සිදුර භාවිතා වෙනවා.

05. පෑන් විල්ලේ සිදුරට පෑන හෝ තීන්ත සමග කිසිම සම්බන්ධයක් නෑ.
© Trounce / wikipedia.org

ලෙක්චර් එකකදි නින්ද ගිහින් පෑන් විල්ලකින් පහරක් කාපු කෙනෙක් නැති තරම්. වයස අවුරුදු 6-15 ළමුන්ට පෑන් විලි ගිලීම නිසා ගොඩක් අනතුරුත් සිදුවෙනවා.

කාටහරි පෑන් විල්ලක් ගිලුණොත් ඔහුගේ හුස්ම හිර වීම වැළැක්වීමට තමයි පෑන් විල්ලේ සිදුරක් හදලා තියෙන්නෙ.

06. තොප්පිවල උඩින් කන් දෙකකුත් තියෙන්නෙ ඒවාගේ පෙනුම තවත් හුරුබුහුටි කරන්නයි.
© jacek halicki / wikipedia.org

මේ විලාසිතාව මුලින්ම හඳුන්වලා දුන්නෙ ප්‍රංශ නැවියන්ටයි. නෞකාවේ සිවිලිමට ගොඩක් පහත් නිසා සිවිලිමේ ඔලුව වැදීමෙන් වේදනාවක් ඇතිවීම වළක්වන්න තමයි මේ කන් දෙක නිර්මාණය කලේ. පසුව, මේ සැලසුම හමුදා භටයන් විසිනුත් භාවිතා කලා.

07. ටේප් එක අන්තිමට කුඩා තව්වක් තිබීම
© shutterstock.com

ගොඩක් ටේප් වල කෙළවරේ කුඩා තව් සහිත ලෝහ කඳක් තියනවා. මේ නිසා මිනුම් ගැනීමට තවත් අතක් ඕන වෙන්නෙ නෑ. මෙහි කඳ කොටසෙත් ලෝක හැබැල්ලක් සවිකරලා තියනවා. පැන්සලක් භාවිතා නොකර ලකුණු සලකුණු කිරීමට මෙය භාවිතා කරන්න පුලුවන්.

08. ගොඩක් ළමයින්ට ආරක්ෂිත බෙහෙත් බෝතල් විවෘතකරන්න පුලුවන්
© unknown / imgur

ගොඩක් ප්ලාස්ටික් බෙහෙත් බෝතල් හදන්නෙ ළමයින්ගෙන් ආරක්ෂා කරගන්න පුලුවන් ආරක්ෂිත පියනක් සමගයි. කොහොම වුණත්, උඩු යටිකුරු කිරීමෙන් මේ බෝතල් ළමයින්ට ආරක්ෂිත නොවන බව ගොඩදෙනෙක් දන්නෙ නෑ.

09. කීබෝර්ඩ් එකේ “F” සහ “J” යතුරු වල පොඩි ගැටිත්තක් තිබීම
Embed from Getty Images

කීබෝර්ඩ් එක දිහා බලන්නෙ නැතුව ලේසියෙන්ම අකුරු ටයිප් කරන්න පුලුවන් වෙන්නෙ කොහොමද කියලා ඔයා දන්නවද? “F” සහ “J” යතුරු වල තියන පොඩි ගැටි නිසා දබරැඟිලිවලට පහසුවෙන්ම අනිත් අකුරු හොයාගන්න පුලුවන්.

10. විදුලි පඩිපෙළේ පැතිවල බ්‍රෂ් තියෙන්නෙ ඔයාගෙ සපත්තු පොලිෂ් කරගන්න නෙවෙයි.
© Underbar dk / wikipedia.org

ඔයා සපත්තු පිරිසිදු කිරීමට මේ එස්කැලේටර් බ්‍රෂ් එක පාවිච්චි කලත් මේවා ඇත්තටම තියෙන්නෙ ආරක්ෂිත ආවරණයක් විදියටයි. විදුලි පඩිපෙළේ සිදුවන අනතුරුවලට ලොකුම හේතුව තමයි, මිනිසුන් පඩිපෙළේ දෙපැත්තට ළඟින් ඉන්නකොට එයාලගෙ ඇඳුම් හා බෑග් සිරවීමයි.

මේ නයිලෝන් කෙඳි මගින් ඔයාගෙ කකුල් විදුලි පඩිපෙළේ කෙළවරින් ඈත් කරලා තියාගන්න උදව් වෙනවා.

11. ඉස්කුරුප්පු නියන්වල තවත් භාවිතයක්
© thetortureneverstops / reddit

ඉස්කුරුප්පු නියන් වලට පහසුවෙන් ඉස්කුරුප්පු ඇණ හරහා ලිස්සා යන්න පුලුවන්. එමගින් ලොකු කැරකීමක් ඇති කරන්න පුලුවන්. මෙය විශාල උස හා කෝණ වලදී ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා.

12. ගෑස් මිනුමේ තියන තෙල් ටැංකියේ සලකුණ ලඟ තියන ඊතලය
© IGotTheDeadInMyHead / reddit`

ගෑස් මිනුමේ තියන තෙල් ටැංකියේ සලකුණට යාබද කුඩා ඊතලය මඟින් තෙල් ටැංකිය තියෙන්නෙ මෝටර් රථයේ මොන පැත්තෙද කියලා පෙන්වනවා.

ඔබ කුලියට ගත් මෝටර් රථයක් පදවන විට මෙම ලක්ෂණය අතිශයින්ම පහසුය.

13. ඇපල් චාජරයේ තියන කුඩා පියාපත් වගේ කොටස් දෙක
© itsJeremiahS / twitter

ලැප්ටොප් චාජරයේ දෙපස තියන පියාපත් දෙකෙන් වයර් එක ඔයාගෙ බෑග් එකේ දිග හැරෙන්නෙ නැතුව හොඳින් රඳවගන්න පුලුවන්.

14. අයිෆෝන් එකේ කැමරාව අසල තියන කුඩා තිත ෆ්ලෑෂ් එක නෙවෙයි.
© Dennis Cortés / unsplash.com

මේ කුඩා තිත ෆ්ලෑෂ් නෙවෙයි. ඔයා පසුපස කැමරාව භාවිතා කරන විට එය පටිගත කිරීම සඳහා උදව් වෙන මයික්‍රෆෝනයක්.

15. ගොඩක් අගුල් වලට යතුරු සිදුර අසල කුඩා සිදුරක් තියනවා.
Padlock

අගුල එළිමහනේ භාවිතා කරනකොට අගුලෙන් ජලය බැස යාමට මේ කුඩා සිදුර උපකාරී වෙනවා. අගුලේ ඉඟිවලට තෙල් දැමීමටත් මේ සිදුර භාවිතා කරන්න පුලුවන්.

Leave a Reply

Your email address will not be published.