ගහපු පච්චය කොච්චර වටිනවද කියල හිතන මිනිස්සු 16 ක්

පච්ච කෙටීම අතීතයේ අපි හිතනවට වඩා ගොඩක් ව්‍යාප්ත වුණු කලාවක්. චාල්ස් ඩාවින් ඔහුගේ කෘතිවල ලියා ඇත්තේ සියලුම රටවල් පච්ච කෙටීම හෝ වෙනත් ශරීර සැරසිලිවලට හුරුවෙලා හිටපු බවයි. අද වෙනකොට, මිනිසුන් මේ කලා ආකෘතිය නිර්මාණාත්මක විදිහට එයාලගෙ ජීවිතයේ වැදගත් සිදුවීම් මතක තබා ගැනීමට භාවිතා කරනවා.

අද අපි ඔයාට අරගෙන ආවෙ තමන්ගෙ ජීවිතයේ වැදගත්ම දේවල් මතක සටහනක් විදිහට් පච්ච කොටාගත් මිනිසුන්ගේ ඡායාරූප එකතුවක්.

පච්ච කෙටීම අතීතයේ අපි හිතනවට වඩා ගොඩක් ව්‍යාප්ත වුණු කලාවක්. චාල්ස් ඩාවින් ඔහුගේ කෘතිවල ලියා ඇත්තේ සියලුම රටවල් පච්ච කෙටීම හෝ වෙනත් ශරීර සැරසිලිවලට හුරුවෙලා හිටපු බවයි. අද වෙනකොට, මිනිසුන් මේ කලා ආකෘතිය නිර්මාණාත්මක විදිහට එයාලගෙ ජීවිතයේ වැදගත් සිදුවීම් මතක තබා ගැනීමට භාවිතා කරනවා.

අද අපි ඔයාට අරගෙන ආවෙ තමන්ගෙ ජීවිතයේ වැදගත්ම දේවල් මතක සටහනක් විදිහට් පච්ච කොටාගත් මිනිසුන්ගේ ඡායාරූප එකතුවක්.

01. මගේ දෙමාපියන්ගේ මංගල ඡායාරූපය
© ayy-shane / Reddit
02. මගේ පොඩිකාලෙ සෙල්ලම් බඩුව දැන් එහා මෙහා රගෙන යන්න බැරිතරම් මම වයසට ගිහින්.
© cafesaigon/Reddit
03. මගේ ඔටිසම් මුනුපුරාට ගෞරව කිරීම සඳහා මම ගැසූ මගේ පළමු පච්චය. ඒ ගැන සතුටුයි.
© elizabubblehead / Reddit

පච්චයෙන් කියවෙන්නෙ, “මම ඔයාව ලෝකය වෙනුවෙන් වෙනස් කරන්නෙ නෑ, ඒත් මම ඔයා වෙනුවෙන් ලෝකය වෙනස් කරනවා” යන්නයි.

04. මම උසස් පාසලේදී මේක මගේ අතේ ලියන්න පුරුදු වෙලා හිටියා. පෙබරවාරි මාසයේදී, මට මගේ කැමතිම සංගීත කණ්ඩායම හමුවෙලා ඒකෙ ප්‍රධාන ගායකයා මේක ලිව්වා. ඉතින් මම ඒක මගේ අතේ ටැටූ කරගත්තා.
© tonystec / Reddit

පච්චයෙන් කියන්නෙ, “ඔයාගේ උනන්දුව නැති කරගන්න එපා, පැටියෝ” කියලයි.

05. මම මගේ තාත්තාගේ හිනාවේ පච්චයක් කොටා ගත්තා. මම දැන් කොහේ ගියත් ඔහුගේ සිනහව සහ සතුට මගේ ලඟ තියනවා.
© drewsoulman / Reddit
06. අද, මම මගේ තාත්තගේ පච්චයක් කොටා ගත්තා.
© **dftba/Reddit
07. විශ්වයට එරෙහිව මට සහ මගේ සහෝදරියට පච්චයක්.
© nicolaims / Reddit
08. මට වයස දහයෙදි සිඩ්නි සිට අයර්ලන්තයට යන්න වුණා. දැන් මට අවුරුදු 20 යි. මේ තමයි මගෙ පළවෙනි ටැටූ එක.
© Vikingsson / Reddit
09. ඒ මගේ පූස් පැටියා අනෙක් පැත්තට යනවා. මේ තමයි මගේ පූස් පැටියා, සිගීගේ මතකයක් විදිහට මම මගේ අතේ කොටාගත් පළමු පච්චය.
© WonkTheLlama / Reddit
10. සංස්කෘතීන් බෝවෙනකොට. ටාටන් කියන්නෙ පවුලේ මගේ අම්මාගේ පාර්ශ්වය වන අතර මාඕරි කියන්නෙ මගේ තාත්තගේ පාර්ශ්වයයි.
© mahehe86 / Reddit
11. ගිය මාසෙ මගේ ආදරණීය සුරතලා නැතිවුණා. එයාට ගෞරවයක් විදිහට මම මගේ පළමු පච්චය කොටාගත්තා.
© KaikesPokeCards/Reddit
12. මගේ අම්මා මගේ මල්ලි වෙනුවෙන් අනුස්මරණ පච්චයක් කොටා ගත්තා.
© anwestin / Reddit
13. මගේ සැමියයි මමයි එකිනෙකට ගැළපෙන පච්ච කොටා ගත්තා. සියලුම චන්ද්‍රයන් මගින් අපේ සම්බන්ධතාවයේ වෙනස් දිනයන් නියෝජනය කරනවා: (පහළ) පළමු හාදුව, (මැද) යෝජනාව, (ඉහළ) විවාහ දිනය.
© Deni-art / Reddit
14. මගේ සීයාගේ අවුරුදු 50ක් පැරණි පච්චය අලුත් කලා.
© SleepingWillows / Reddit
15. මාස 7කට පසු, මම මගේ දෙමාපියන්, බල්ලා සහ පවුලේ නිවසෙහි පච්ච කොටා ගත්තා.
© F***ThisS***/Imgur
16. මගේ පච්චය = ඇගේ උපන් ලපය.
© supersippycup / Imgur

Leave a Reply

Your email address will not be published.