ඇත්තටම රැකියාව මොනවගේද කියල පෙන්වපු අය 23 දෙනෙක්

හැම රැකියාවක්ම වැදගත්. මිනිසුන් විවිධ දේවලට විශේෂත්වයක් හා දක්ෂතාවයක් දක්වනවා. සමහරවිට එයාලා වෛද්‍යවරුන්, පාසල් ගුරුවරුන්, මුදල් අයකැමියන් හෝ පිරිසිදු කරන්නන් වෙන්න පුලුවන්. හැම රැකියාවක් තුළම පිටස්තර අය නොදන්න ගොඩාක් දේවල් තියනවා.

ඉතින් අද අපි හදන්නෙ අපි දන්න රැකියා වල අපට නොපෙනෙන පැත්ත ඔයාට හෙළි කරන්නයි. සාප්පු සහායකයින්ට මුහුණ දෙන්න සිදු වන දුෂ්කරතා ගැන දැනගන්න ලිපිය අවසන් වෙනකන් කියවන්න අමතක කරන්න එපා.

01. මගේ සහෝදරිය වැඩ කරන්නෙ ෆොටෝ සෙන්ටර් එකකයි. මේ තමයි එයාට හම්බුණු වෙනස්ම කස්ටමර්.
© annkass / Pikabu
02. පැය 10 කට පසු වෛද්‍ය අත්වැසුම් ඉවත් කිරීමෙන් පසු වෛද්‍යවරයෙකුගේ අත.
© AwanishSharan / Twitter
03. තරුණයන් පිරිසක් තියටර් එක විනාශ කරලා ගිහින් තිබුණා. මම එතන පිරිසිදු කරන්නෙක් විදිහට වැඩ කළා.
© Littleman212 / Reddit
04. මම වැඩ කරන්නේ ආක්ටික් සහ ඇන්ටාක්ටික් ප්‍රදේශවල වන අතර මා පැළඳ සිටින ඇඳුම් පැළඳුම් නිසා මගේ ඔරලෝසුව මැණික් කටුවෙහි පළඳිනවාට වඩා මේ විදිහට පළඳින එක ලේසියි.
© DavyMcDavison / Reddit© DavyMcDavison / Reddit

මේ ඔරලෝසුව ගණන් කළ නොහැකි වාර ගණනක් ඇන්ටාක්ටිකාවට සහ 12 වතාවක් භූගෝලීය උත්තර ධ්‍රැවයට ගිහින් තියනවා.

05. වැස්ස පවතින විට සහ පිටත අංශක 30 ක රස්නයක් තියන වෙලාවට ඔයාලගෙ කුණු ගෙනියන්න එන මිනිසාට කරුණාවන්තව සලකන්න. අයහපත් කාලගුණය තුළ පැය 4 ක් වැඩ කිරීමෙන් පසු මේ මගේ අත.
© SubzeroMK / Reddit
06. මම මේ දවස්වල හෝටලේක වැඩ කරන නිසා කාමරයක් අපිරිසිදුයි කියලා වැරදි ලේබල් ගහලා තියෙනවද කියලා බලන්න ගියා. මේක තමයි මම හොයාගත්තෙ
© Imfriendswithelmo / Reddit
07. මම ගුවන් සේවයක වැඩ කළ පළමු අවුරුද්දේ සිට මගේ හෝටල් යතුරු කාඩ්පත් එකතු කළා.
© p3p3_sylvia / Reddit
08. ට්‍රක් රථ රියදුරෙකු ලෙස වෙහෙස මහන්සි වී වැඩ කිරීමෙන් එහි වාසි ලබාගන්න පුලුවන්.
© bakyt189 / Pikabu
09. මගේ අම්මා ඇමේසන් හි සේවය කරන අතර ඇය පටවන ලද ට්‍රක් රථයක ඡායාරූපයක් මට එව්වා.
© MDMAbleToShine / Reddit
10. මම වැඩ කරන්නේ ඇමතුම් මධ්‍යස්ථානයකයි. මට නපුරු ඇමතුමක් ලැබෙන හැම වෙලාවකම, එයා මොන වගේ කෙනෙක්ද කියලා මම චිත්‍රයක් අඳිනවා.
© SerAntwon / Reddit
11. මම වැඩ කරන්නේ ක්ෂණික ආහාර අවන්හලකයි. මේ තමයි අපේ කොස්ස. මගේ ලොක්කා කියනවා අලුත් කොස්සක් ගොඩක් මිල නිසා මෙහෙම කරන්න කියලා.
© HannerPuddin / Reddit
12. මම චිත්‍රපට කර්මාන්තයේ වැඩ කරන අතර සාමාන්‍යයෙන් නළුවෙක් එක්ක ෆොටෝ ගන්න මට ලැජ්ජයි. ඒත් මට මේ කුඩා පුද්ගලයා එක්ක පින්තූරයක් ගන්න සිදු වුණා.
© cody_p24 / Reddit
13. මගේ කම්මැලි කාර්යාල රැකියාවේදී මම වසරක් ඇතුළත ඉවත් කරපු ස්ටේප්ලර් කටු ඔක්කොම මෙතන තියනවා.
© Simply_Laurel / Reddit
14. මම හැමදාම වැඩ කරන්නේ −25°F ශීතකරණයකයි.
© TheDerf / Reddit
15. මම වැඩ කරන්නේ බළල් මඩුවක. මම මේ ඡායාරූප දෙක මගේ සහකරුට එවලා අපි එයාව තියාගමුද කියලා අහුවා. වැඩේ හරිගියා.
© parisburnscp / Reddit
16. මගේ රැකියාව පෙට්ටිවල ලේබල් ඇලවීමයි. මම ඒවා මගේ වම් අතෙන් අල්ලගෙන දකුණෙන් පෙට්ටිය මත අලවනවා. මගේ ‘පිරිසිදු’ අත්වලින් ඒක හොඳටම පෙන්නුම් කරනවා.
© Lt_********* / Reddit
17. මට වැඩ කරන තැනින් අලුත් තැනකට මාරුවක් ලැබුණා. මේ මගේ අලුත් විවේක කාමරය.
© cornernope / Reddit
18. ප්‍රෝග්‍රැමර් කෙනෙක්ට ඕනතැනක වැඩ කරන්න පුලුවන්.
© 8kurhavel8 / Pikabu
19. මම සති අන්තයේ වෘත්තීය කුමාරිකාවක් ලෙස වැඩ කරනවා. හැම ඇඳුමක්ම හරියටම පරීක්ෂා කරන්න මට මගේ කිටියා උදව් කරනවා.
© sarcastic_ginger / Reddit
20. මම වැඩ කරන්නේ හෝටලයක – එක ගෙස්ට් කෙනෙක් හෝටලෙන් යන දවසෙ මේ ඔක්කොම දාලා ගිහින් තිබුණා.
© ShinobiHolmes / Reddit

බාත් ටබ් එක පිරෙන්නම සෙල්ලම් කාඩ් තිබුණා.

21. ඉතින් මම වැඩ කරන්නේ සිනමා ශාලාවක. ‘වසරේ පවුල’ සම්මානය ලැබෙන්නෙ මේ අයටයි!
© InvalidTEA114 / Reddit
22. මම නාවිකයෙක්. අපි මේ කාමරවල තනියම ජීවත් වෙන්නේ. තනතුර අනුව, කාමරය වඩා හොඳ සහ විශාල වෙනවා. මේක මගේ.
© volk646 / Pikabu

“මට තනිවම පාවිච්චි කරන්න වැසිකිළියක් සහ නාන කාමරයක් තියනවා.”

23. මේ ෆොටෝ එක ගත්තේ ඊයේ වැඩ කරනකොට. මම හිතුවා ඒක ඔයාලත් එක්ක බෙදාගන්න ඕන කියලා.
© unknown / Imgur

Leave a Reply

Your email address will not be published.