අපේ ග්‍රහලෝකේ ඇති හරිම පුදුමාකාර විශාල සිදුරු 12 ක්

මනුෂ්‍යයාගේ සහ ස්වභාවධර්මයේ හැකියාවන් වල සීමාවක් නැහැ. ලෝකයේ මෙච්චර විවිධාකාර භූ දර්ශනයක් හා සිත් ඇදගන්නාසුළු ගෘහ නිර්මාණ ශිල්පයක් තියනවා කියලා ඔයාලා කයදා හරි හිතලා තියනවද?

අපේ ග්‍රහලෝකයේ වඩාත් ආකර්ෂණීය සංසිද්ධියක් ගැන හොයලා බලන්න අපි තීරණය කලා. අපේ ග්‍රහලෝකය මතුපිට තිබෙන විශාලතම සිදුරු ගැනයි අපි මේ කියන්න යන්නෙ.

01. Deluxe Mystery Hole

Deluxe Mystery Hole හි ආරම්භය තාමත් පැහැදිලි වෙලා නැහැ. තියන සියලුම නවීන ක්‍රම ඒවා වල ගැඹුර නිවැරදිව මනින්ටවත් පොහොසත් නැහැ. ඒක දැනට සංචාරක ආකර්ෂණය ලබන ස්ථානයක්.

02. Hole of glory

Hole of Glory පිහිටලා තියෙන්නෙ මොන්ටිසෙලෝ වේල්ල මතයි. මුලින්ම බැලූ බැල්මට ඒක පෘථිවියේ ගැඹුරට උමං මාර්ගයක් ලෙස පෙනුණත්, ඒක ඇත්තටම තියෙන්නෙ ජලය බැස යාමට විතරයි. වැස්සෙන් පස්සෙ ජලය වේගයෙන් ගලා යන විට එය බැලීමට නිර්දේශ කරලා තියනවා.

03. Sawmill Sink

Sawmill Sink කියන්නෙ බහමාස් වල දීප්තිමත් නිල් වගේම පුරාවිද්‍යාත්මක විමර්ශන ස්ථානයක්. වසර දහසකට කලින් පෘථිවිය කොහොමද කියන්න තේරුම් ගන්නට ඒක විද්‍යාඥයින්ට උපකාර වෙලා තියනවා.

04. The devil’s sinkhole

Devil’s sinkhole කියන්නෙ භූගත ගුහාවක්, ඒකට ඇතුළුවීම සපුරා තහනම්. ගිම්හානයේදී වවුලන් මිලියන 3 ක් ඒකෙන් පිටතට පියාසර කරනවා නිරීක්ෂණය කරන්නත් පුලුවන්.

05. The Great Blue Hole

මේ කුහරය කැරිබියන් මුහුදේ පිහිටා තියන ලයිට්හවුස් රීෆ් මධ්‍යයේ තමයි තියෙන්නෙ. ඒක අයිස් යුගයේ දී මුලින්ම පිහිටුවා ගත්ත ගුහා පද්ධතියක්. මහා නිල් කුහරය ලෝකයේ කිමිදීම සඳහා හොඳම ස්ථාන වලින් එකක් විදියටත් සලකනවා.

06. Dean’s Blue Hole

Dean’s Blue Hole කියන්නෙ ලොව ගැඹුරුම නිල් කුහරයයි. ඒක බහමාස් වල පිහිටා තිබෙන අතර නොමිලේ කිමිදුම්කරුවන් සඳහා පුහුණු භූමියක් ලෙසත් ආවිතා කරනවා.

07. The Harwood Hole

හාර්වුඩ් කුහරය ඇත්තටම නවසීලන්තයේ ගුහාවක්. ඒක පෘථිවියේ ගැඹුරුම සිරස් ගුහාවයි.

08. The Mir Mine

මිර් පතල තමයි රුසියාවේ විශාලතම දියමන්ති ප්‍රභවය. දියමන්ති දැන් පොළව අභ්‍යන්තරයෙන් නිස්සාරණය කරලයි තියෙන්නෙ.

09. The Udachnaya Pipe

Udachnaya pipe කියන්නෙ රුසියාවේ Yakutia හි දියමන්තියෙ තවත් මූලාශ්‍රයක්. ඒක ආක්ටික් කවයේ ඉඳලා කිලෝමීටර 20 ක් දුරින් පිහිටලා තියනවා.

10. The Heavenly Pit

මීට අවුරුදු 128,000 කට කලින් මේක ගිලා බැහැලා තියනවා. ඒක ලෝකයේ ගැඹුරුම ගිලා බැසීමක් වගේම පැරෂුට් පැදීමට කැමති පුද්ගලයින්ගේ ප්‍රියතම ස්ථානයක්.

11. Bingham Canyon

Bingham Canyon කියන්නෙ එක්සත් ජනපදයේ Utah ප්‍රාන්තයේ විවෘත වළේ තඹ පතලයි.

12. 2010 Guatemala City Sinkhole

2010 දී ගෝතමාලා නගරයේ මීටර් 20 ක් පළල වළක් ඇති වුණා. ඒක මංසන්ධියක් විනාශ කලා වගේම තෙමහල් කර්මාන්ත ශාලාවක් ගිල දැම්මා. නිවර්තන කුණාටුව අගතා, පැකායා ගිනි කන්ද පිපිරීම හා මලාපවහන නල වලින් කාන්දු වීම ඇතුළු හේතු කිහිපයක් නිසා ගිලා බැසීම් සිදු වුණා.

Leave a Reply

Your email address will not be published.